ලංකා-ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය හා ජර්මනීයේ GSM ආයතනය අතර හවුල්කාරී සහයෝගිතාවය.

1985 සිට ජර්මනියේ බාඩ්න් වූටන්බර්ග් ප්‍රාන්ත රජය මගින් ඩොයිෂ් මාක් 140.000 කට අධික ප්‍රමාණයක් සමග සහයෝගීතා අනුග්‍රහය දක්වා ඇත. යන්ත්‍රසූත්‍ර වලට අමතරව, ඉගැන්වීමේ උපකරණ සහ විශේෂිතවූ පොත්පත් සඳහා මුදල් ලබා දී ඇත.  තවද ලං.ජ.කා.අ. ආයතනයේ සහ G.S.M. ආයතනයේ ගුරුවරුන්ගේ ගුරු පුහුණු ගමන් වියදම් සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදී ඇත. ශ්‍රී ලංකා-ජර්මන් ගුරුවරුන්ගේ ගමන් වියදම් සඳහා මුදල් ලබා දී තිබේ.

අනුග්‍රාහකයා : ජර්මනියේ බාඩ්න් වූටන්බර්ග් ප්‍රාන්ත රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය.

ක්‍රියාකාරකම්:

  • විෂය නිර්දේශ, ප්‍රශ්න පත්‍ර. කාර්මික ග්‍රන්ථ ආදිය හුවමාරු කිරීම සහ පරිවර්තනය.
  • කාර්මික සහ ගුරු පුහුණු ක්ෂේත්‍රයන්හි උපදේශනය.
  • පුහුණුවීම් සඳහා ව්‍යාපෘති සහ නිෂ්පාදන ඉලක්කගත සංකල්ප වැඩිදියුණු කිරීම.
  • පහත ක්ෂේත්‍රයන්හි තාක්ෂණය හුවමාරු කිරීම:
    • මෝටර්රථ තාක්ෂණය
    • යන්ත්‍රසූත්‍ර හා මෝටර්රථ නඩත්තුකිරීම හා අලුත්වැඩියාව
    • නිෂ්පාදන ඉංජිනේරු ශිල්පය
    • නවීන පුහුණු කිරීමේ ක්‍රම සඳහා ගුරු පුහුණුව
    • PLC සහ CNC තාක්ෂණය

1985 වර්ෂයේ සිට ඉටුකරන ලද ක්‍රියාකාරකම් පිළිබඳ සමාලෝචනය

2010

ලං.ජ.කා.අ. ආයතනයේ 50 වන සංවත්සර උත්සවය පැවැත්වීම

ලං.ජ.කා.අ. ආයතනයේ 50 වන සංවත්සර උත්සවය පැවැත්වීම. මේ සඳහා මෙට්සින්හම් සහ ජර්මනියේ බාඩන් වූටන්බර්ග් (Baden-wuerttemberg) ප්‍රාන්ත රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයෙහි නියෝජිත කණ්ඩායමක් සහභාගි වූහ. අධ්‍යක්ෂක/විදුහල්පති ගාමිණී එස්. මංචනායක මහතා ජර්මනියේ ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි හිටපු අධ්‍යක්ෂ ඩීට කූන් මහතාගේ සමුගැනීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජර්මනියේ මෙට්සිම්හන් බලා පිටත්ව ගියේය. ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලට අභිනවයෙන් පත් වූ අධ්‍යක්ෂක රොලන්ඩ් කීසෙල් මහතා සහ ජර්මනියේ බාඩන් වූටන්බර්ග් (Baden-wuerttemberg) ප්‍රාන්ත ජරයේ නිලධාරීන් සමග හවුල්කාරත්ව සහයෝගීතාවයට අදාළ ඉදිරි වැඩසටහන් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම.
2009

ලං.ජ.කා.අ. ආයතනයේ නිලධාරීහු දෙදෙනෙක් මෙට්සින්හම් හි පැවැති පුහුණු වැඩසටහනකට සහභාගි වීම

ලං.ජ.කා.අ. ආයතනයේ නිලධාරීහු දෙදෙනෙක් මෙට්සින්හම් හි පැවැති දෙසතියක පුහුණු වැඩසටහනකට සහභාගි වූහ. (වැඩමුළු සැලසුම් කිරීම. වැඩමුළු උපකරණ සහ සංවිධාන කටයුතු පිළිබඳ) Festo සහ විවිධ පොලවල් සහ කෞතුකාගාර නැරඹීම.
2008

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරු හතරදෙනෙක් ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි පාඨමාලාවකට සහභාගී වීම

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරු හතරදෙනෙක් ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි සහ ජර්මනියේ රැයිට්ලින්ගන් කාර්මික පාසලෙහි හි පැවැති දෙසතියක පාඨමාලාවකට සහභාගී වූහ. මෝටර් රථ යාන්ත්‍ර විද්‍යාව, විදුලි බලය සහ පද්ධති පරිපාලනය පිළිබඳ ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි ගුරුවරුන් දෙදෙනෙකු විසින් ලං.ජ.කා.අ. ආයතනයේ දි දෙසතියක වැඩමුළුවක් පවත්වන ලදී. CAD, මෝටර් රථ යන්ත්‍ර විද්‍යාව. ඩීසල් පාලනය පිළිබඳ නවීන ශිල්පීය ක්‍රම.
2007

ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි පැවැති පාඨමාලාවක් සඳහා ලං.ජ.කා.අ.ආ. උපදේශකවරු දෙදෙනෙක් සහභාගී වීම

ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි පැවැති සති දෙකක පාඨමාලාවක් සඳහා ලං.ජ.කා.අ.ආ. උපදේශකවරු දෙදෙනෙක් සහභාගී වූහ. මෝටර් රථ යාන්ත්‍ර විද්‍යාව සහ වැඩිදුර පුහුණු පාඨමාලා සඳහා විෂය නිර්දේශ ඔවුන් විසින් සකස් කරන ලදී. ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරු දෙදෙනෙකු මෝටර් කළමනාකරණය සහ මෝටර් රථ යන්ත්‍ර විද්‍යාවේ (පළමු වසර) නවීනතම විෂයමාලා සංවර්ධනය පිළිබඳ පැවැති දෙසතියක පුහුණු පාඨමාලාවට සහභාගී වූහ. ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලේ සිට පැමිණි ගුරුවරයෙකු විසින් ලං.ජ.කා.අ ආයතනයේ දි සති දෙකක වැඩමුළුවක් පවත්වන ලදී. 5 වන මට්ටම සඳහා විෂයමාලා සංවර්ධනය පිළිබඳ.
2006

විසිවසරක හවුල්කාරත්ව සංවත්සර සැමරුම ලං. ජ.කා.අ. ආයතනයේ දී පැවැත්වීම

විසිවසරක හවුල්කාරත්ව සංවත්සර සැමරුම ලං. ජ.කා.අ. ආයතනයේ දී පැවැත්වීම. මේ සඳහා ජර්මනියේ බාඩන් වූටන්බර්ග් (Baden-wuerttemberg) ප්‍රාන්ත රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයෙහි නියෝජිත කණ්ඩායමක් සහභාගී වූහ හවුල්කාරත්ව සහයෝගීතා සංවර්ධනය සඳහා වන පස් අවුරුදු සැලැස්ම.
2005

රෝලන්ඩ් සහ ග්‍රේට් කිල්ගුස් යන අය විසින් සුනාමි ව්‍යවසනයට ගොදුරුවූවන්ගෙන් සඳහා සහන සැලසීමේ වැඩසටහන් සංවිධානය කිරීම

රෝලන්ඩ් සහ ග්‍රේට් කිල්ගුස් යන අය විසින් සුනාමි ව්‍යවසනයට ගොදුරුවූවන්ගෙන් 19 දෙනෙකු සඳහා සහන සැලසීමේ වැඩසටහන් සංවිධානය කිරීම. මේ සඳහා යූරෝ 70,000 ක් පමණ වැය කරන ලදී.
2004

ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි අධ්‍යක්ෂ ඩීට කූන් මහතාගේ ආරාධනය මත ගාමිණී එස්. මංචනායක මහතා ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි සංචාරයක නිරත වීම

ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි අධ්‍යක්ෂ ඩීට කූන් මහතාගේ ආරාධනය පරිදි හවුල්කාරත්ව සහයෝගීතාවය පිළිබඳ අනාගත වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා අධ්‍යක්ෂක / විදුහල්පති ගාමිණී එස්. මංචනායක මහතා 2004 මැයි 02 දින සිට 2004 මැයි 07 දින දක්වා ජර්මනියේ ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි සංචාරයක නිරත විය. ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි විශේෂඥ ගොට්ලොබ් හාන් මහතා ශ්‍රී ලංකාවට පැමිණි අතර C.N.C තාක්ෂණ පුහුණුවට අදාළ විෂයමාලා සහ කාර්යය මොඩියුලයක් සකස් කිරීම සම්බන්ධයෙන් වැඩමුළුවක් සාර්ථක ලෙස පවත්වන ලදී. 2004.10.20 දින ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ගරු. මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නවීන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය විවෘත කරන ලදී.
2003

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරු දෙදෙනෙක් ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි පැවති පුහුණු වැඩසටහනකට සහභාගී වීම

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරු දෙදෙනෙක් 2003.10.04 දින සිට 2003.10.18 දක්වා ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි පැවති "CNC Turning and Electronics in Automobile" පිළිබඳ සති දෙකක පුහුණු වැඩසටහනකට සහභාගී වූහ.
2002

ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි විශේෂඥයින් දෙදෙනෙකු විසින් CNC ලියවන පට්ටල් පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්වීම

ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි විශේෂඥයින් දෙදෙනෙකු විසින් CNC ලියවන පට්ටල් පිළිබඳ සති දෙකක සම්මන්ත්‍රණයක් පැවැත්වීම. ඉහත සම්මන්ත්‍රණය ආරම්භ කිරීම සඳහා ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි අධ්‍යක්ෂක ඩීට කූන් මහතා සහ එම මැතිණිය සහභාගි වූහ. එතුමා මෙට්සින්ගන් කාර්මික පාසලෙහි නව අධ්‍යක්ෂක වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව 2002.05.20 වැනි දින ලං.ජ.කා.අ. ආයතනයට පළමුවරට පැමිණියේය.
2001

ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි විශේෂඥයින් දෙදෙනෛකු විසින් විද්‍යාව පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්වීම

ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි විශේෂඥයින් දෙදෙනෛකු විසින් පාලන තාක්ෂණ විද්‍යාව පිළිබඳ සතියක සම්මන්ත්‍රණයක් පැවැත්වීම.
2000

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරුන් දෙදෙනෙකු මෙට්සින්හම් හි පුහුණු වැඩසටහනකට සහභාගී වීම

ලංතජ.කා.අ. ආයතනයේ උපදේශකවරුන් දෙදෙනෙකු මෙට්සින්හම් හි සති දෙකක වැඩිදුර පුහුණු වැඩසටහනකට සහභාගී වීම. විද්‍යුත් - වායූන් හි යාන්ත්‍රික ගුණ විද්‍යාව, පුහුණු ක්‍රමවේද, පාසැල් කලමනාකරණය.
1999

ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි ගුරුවරුන් දෙදෙනෙකු විසින් ලං.ජ.කා.අ. ආයතනයේ දී වැඩමුළුවක් පැවැත්වීම

ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි ගුරුවරුන් දෙදෙනෙකු විසින් ලං.ජ.කා.අ. ආයතනයේ දී සති දෙකක වැඩමුළුවක් පැවැත්වීම. නවීන වාහන බොඩි අලුත්වැඩියා කිරීම සහ වෑල්ඩින් තාක්ෂණය.
1998

ලං.ජ.කා.අ ආයතනයේ උපදේශකවරුන් දෙදෙනෙකු මෙට්සින්ගන්හි පුහුණු වැඩසටහනක් සදහා සහභාගී වීම

ලං.ජ.කා.අ ආයතනයේ උපදේශකවරුන් දෙදෙනෙකු මෙට්සින්ගන්හි සති තුනක පුහුණු වැඩසටහනක් සදහා සහභාගී වීම. විෂයයන් : වාහන‍ බොඩි නවීන ආකාරයට අලුත්වැඩියා කිරීම සහ කාර්මික මැහුම් යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම පිළිබඳ හැඳින්වීම.
1997

ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි ගුරුවරුන් දෙදෙනෙකු විසින් ලං.ජ.කා.අ ආයතනයේදී සති දෙකක වැඩමුළුවක් පැවැත්වීම

ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසලෙහි (Gewerbliche Schule Metzingem) ගුරුවරුන් දෙදෙනෙකු විසින් ලං.ජ.කා.අ ආයතනයේදී සති දෙකක වැඩමුළුවක් පැවැත්වීම. අන්තර් ජාලය පිළිබඳව හඳුන්වා දීම සහ ලං.ජ.කා.අ. ආයතනයට වෙබ්අඩවියක් නිර්මානය කිරීම.
1997

අළුතෙන් පත් කරන ලද අධ්‍යක්ෂක/විදුහල්පති එස්. ඩයස් මහතා මෙට්සින්හම් හි සංචාරයක නිරත වීම

අළුතෙන් පත් කරන ලද අධ්‍යක්ෂක/විදුහල්පති එස්. ඩයස් මහතා මෙට්සින්හම් හි සංචාරයක නිරත වීම. එහිදී නවීන ඉගෙනුම් ක්‍රම සහ පාසැල් පරිපාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම සහ කර්මාන්ත පිහිටි ප්‍රදේශවල සංචාරය කිරීම.
1996

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරුන් දෙදෙනෙකු මෙට්සින්හම් හි පැවති පුහුණු වැඩසටහනකට සහභාගී වීම

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරුන් දෙදෙනෙකු මෙට්සින්හම් හි පැවති සති තුනක පුහුණු වැඩසටහනකට සහභාගී වීම. එනම් පරිගණක පිළිබඳ දැනුවත්වීමේ වැඩසටහනකට සහභාගී වීම.
1995

ලං.ජ.කා.අ. ආයතනයේදී මොට්‍රොනික් එන්ජින් පාලන ක්‍රම පිළිබඳ සම්මන්ත්‍රණය පැවැත්වීම

ලං.ජ.කා.අ. ආයතනයේදී මොට්‍රොනික් එන්ජින් පාලන ක්‍රම පිළිබඳ සති දෙකක සම්මන්ත්‍රණයක් පැවැත්වීම. ලං.ජ.කා.අ. ආයතනයේ අනාගත සංවර්ධන කටයුතු සහ මූල්‍ය පදනම පිළිබඳ ZOPP වැඩමුළුවක් පැවැත්වීම.
1994

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකයන් දෙදෙනෙකු නවීන දහන එන්ජින් තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහන සදහා සහභාගී වීම

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකයන් දෙදෙනෙකු නවීන දහන එන්ජින් තාක්ෂණය පිළිබඳ පැවති සති හතරක වැඩිදුර පුහුණු වැඩසටහන සදහා සහභාගී වීම. විවිධ පරීක්ෂණ සහ අත්හදාබැලීම් සිදුකිරීම සඳහා අවකාශ ලබා දෙමින් මොට්‍රොනික් පාලන ක්‍රම යොදාගනිමින් වාහන එන්ජින් නවීකරණය කිරීම.
1993

ලං.ජ.කා.අ. ආයතනයේ දී මෙහෙලුම් යත හඳුන්වා දීම පිළිබඳ සම්මන්ත්‍රණය

ලං.ජ.කා.අ. ආයතනයේ දී මෙහෙලුම් යත හඳුන්වා දීම සහ වැඩසටහන් පිළිබඳ සමානාකෘති තැනීම සම්බන්ධයෙන් පවත්වන ලද සම්මන්ත්‍රණය.
1992

ලං.ජ.කා.අ. ආයතනයේ අධ්‍යක්‍ෂක/විදුහල්පතිගේ දෙසතියක මෙට්සින්හම් සංචාරය

ලං.ජ.කා.අ. ආයතනයේ අධ්‍යක්‍ෂක/විදුහල්පතිගේ දෙසතියක මෙට්සින්හම් සංචාරය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලද්දේ ජර්මනියේ නවීන පාසල් කළමනාකරණය හා වැඩිදුර පුහුණු ක්‍රම පිළිබඳවය.
1992

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරුන් දෙදෙනෙකු සඳහා CNC තාක්ෂණය පිළිබඳව පවත්වන ලද පුහුණු වැඩසටහන

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරුන් දෙදෙනෙකු සඳහා CNC තාක්ෂණය පිළිබඳව පවත්වන ලද සති හතරක පුහුණු වැඩසටහන. මෙහෙලුම් යත පිළිබඳ හඳුන්වා දීම.
1991

ලං.ජ.කා.අ. ආයතනයේ දී බස් සහ ලොරි සඳහා වායු තිරිංග පද්ධති යොදාගැනීම පිළිබඳව පවත්වන ලද සම්මන්ත්‍රණය.

ලං.ජ.කා.අ. ආයතනයේ දී බස් සහ ලොරි සඳහා වායු තිරිංග පද්ධති යොදාගැනීම පිළිබඳව පවත්වන ලද සම්මන්ත්‍රණය.
1990

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරුන් දෙදෙනෙකු සඳහා සම්පීඩක වායු තිරිංග පද්ධති පිළිබඳව පවත්වන ලද පුහුණු වැඩසටහන

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරුන් දෙදෙනෙකු සඳහා සම්පීඩක වායු තිරිංග පද්ධති පිළිබඳව පවත්වන ලද සති හතරක වැඩිදුර පුහුණු වැඩසටහන. වායු තිරිංග පරීක්ෂණ ආදර්ශකයක් නිෂ්පාදනය කිරීම.
1989/1990

ඉන්දියාවේ බැංගලෝර්හි වැඩමූලික පුහුණු ආයතනයේ දී (Foreman Training Institute, Bangalore, India) ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාස‍ලෙහි ගුරුවරුන් විසින් පවත්වන ලද CNC - සම්මන්ත්‍රණය

ඉන්දියාවේ බැංගලෝර්හි වැඩමූලික පුහුණු ආයතනයේ දී (Foreman Training Institute, Bangalore, India) ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාස‍ලෙහි ගුරුවරුන් විසින් පවත්වන ලද CNC - සම්මන්ත්‍රණ (සති හයක කාලයක් පුරා පැවති) සඳහා ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරු දෙදෙනෙකුට ආරාධනය කිරීම.
1988

ලං.ජ.කා.අ. ආයතනයේ දී පවත්වන ලද සම්මන්ත්‍රණය

ලං.ජ.කා.අ. ආයතනයේ දී පවත්වන ලද නූතන ජ්වලන සහ පෙට්‍රල් විදුම්ක්‍රම පිළිබඳ සම්මන්ත්‍රණය.
1987

නිවාරිත චාප පෑස්සුම සහ වාහන එන්ජින් නවීකරණය පිළිබඳව පවත්වන ලද පුහුණු වැඩසටහන

ලං.ජ.කා.අ. ආයතනයේ උපදේශකවරුන් දෙදෙනෙකු සඳහා විවිධ පරීක්ෂණ සහ අත්හදාබැලීම් සිදු කිරීමට අවකාශ ලබා දෙමින් නිවාරිත චාප පෑස්සුම සහ වාහන එන්ජින් නවීකරණය පිළිබඳව පවත්වන ලද පුහුණු වැඩසටහන.
1986

යන්ත්‍ර මෙවලම් නඩත්තුව සහ අළුත්වැඩියාව පිළිබඳව කාර්මාන්තශාලා උපදේශකවරයෙකු සඳහා මෙට්සින්හම් හි පවත්වන ලද සති හතරක පුහුණු වැඩසටහන

යන්ත්‍ර මෙවලම් නඩත්තුව සහ අළුත්වැඩියාව පිළිබඳව කාර්මාන්තශාලා උපදේශකවරයෙකු සඳහා මෙට්සින්හම් හි පවත්වන ලද සති හතරක පුහුණු වැඩසටහන.
1986

ලං.ජ.කා.අ. ආයතනයේ අධ්‍යක්ෂක/විදුහල්පති සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්‍ඩලයේ සභාපතිතුමා සතියක මෙට්සින්හම් හි සංචාරය

ලං.ජ.කා.අ. ආයතනයේ අධ්‍යක්ෂක/විදුහල්පති සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්‍ඩලයේ සභාපතිතුමා සතියක මෙට්සින්හම් හි සංචාරය.
1986

වායු සහ ද්‍රව්‍ය පාලන තාක්ෂණය පිළිබඳ සම්මන්ත්‍රණය

වායු සහ ද්‍රව්‍ය පාලන තාක්ෂණය පිළිබඳ සම්මන්ත්‍රණය ලං.ජ.කා.අ. ආයතනයේ දී පැවැත්වීම.
1985

(ලං.ජ.කා.අ.ආ.) හි අධ්‍යක්‍ෂක/විදුහල්පති වී.එල්.සී. පෙරේරා මහතා ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසල බැහැදැකීම

ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ (ලං.ජ.කා.අ.ආ.) හි අධ්‍යක්‍ෂක/විදුහල්පති වී.එල්.සී. පෙරේරා මහතා ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාසල බැහැදැකීම. ජර්මනියේ මෙට්සින්ගන් කාර්මික පාස‍ලෙහි නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ දී පාසැල් හවුල්කාරත්ව සබඳතා පිළිබඳ ප්‍රකාශය ඉදිරිපත් කිරීම.