නිෂ්පාදන / අළුත්වැඩියා

ලං.ජ.කා.අ. ආයතනය විසින් මහජනතාවට, පෞද්ගලික සහ රාජ්‍ය සංවිධානවලට සාධාරණ ගාස්තු අයකිරීමක් යටතේ පහත සඳහන් නිෂ්පාදන / සේවා ලබා දේ.

  • වාහන අළුත්වැඩියා කටයුතු
  • වාහන සර්විස් කිරීම
  • වීල් එලයින් කිරීම
  • එන්ජින් ටියුන් කිරීම
  • එන්ජින් පරීක්ෂා කිරීම
  • ඩීසල් ඉන්ධන පොම්ප අළුත්වැඩියා කිරීම, පරීක්ෂා කිරීම
  • යන්ත්‍රසූත්‍ර වැඩ
  • පෑස්සුම් වැඩ
  • විදුලි උපාංග, ශීතකරණ සහ වායු සමීකරණ යන්ත්‍ර අළුත්වැඩියා කිරීම

වාහන යෝග්‍යතා සහතික

ලං.ජ.කා.අ. ආයතනය ශ්‍රී ලංකාවේ බර වාහන සහ සැහැල්ලු වාහන සඳහා යෝග්‍යතා සහතික නිකුත් කිරීම සඳහා බලයලත් ආයතනයක් වේ.

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා මෙම වෙබ් අඩවියේ සඳහන් සම්බන්ධතා තොරතුරු අනුව ප්‍රධාන ඉංජිනේරු-නිෂ්පාදන හා නඩත්තු අමතන්න.

වෘත්තීන්ට අදාළව පරීක්ෂණ පැවැත්වීම

ලං.ජ.කා.අ. ආයතනය දේශීය සහ විදේශීය රැකියා නියෝජිත ආයතන සඳහා වෘත්තීන්ට අදාළව පරීක්ෂණ පවත්වමින් උපදේශන සේවා පහසුකම් ලබා දේ.

වැඩිදුර විස්තර සඳහා මෙහි වෙබ් අඩවියේ සඳහන් සම්බන්ධතා තොරතුරු අනුව ප්‍රධාන අභ්‍යාස ඉංජිනේරු අමතන්න.