හැදින්වීම

ජර්මන් රජයේ ආධාර ඇතිව 1960 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය, එහි ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ප්‍රධාන නිපුන කාර්මික ශිල්පීන් පුහුණු කරන ආයතනය ලෙස කටයුතු කර ඇත. පසුගිය දසක තුනක කාලය ඇතුලත තාක්‍ෂණික භාවිතයෙහි ඇති වූ සීඝ්‍ර දියුණුවත් සමග ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ක්‍ෂේත්‍රයෙහි පැන නැගුනු අවශ්‍යතාවයන් අනුව ලං.ජ.කා.අ. ආයතනයෙහි පුහුණු පහසුකම් ඉහල දැමී‍මෙහි අවශ්‍යතාවය මතුවිය. මෙම තාක්ෂණික නිපුනතාවයන්ගේ හිඟ බව ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් සඳහා බාධකයක්ව පවතී.

නවීන තාක්ෂණ භාවිතයන්ට අනුව පුහුණු වැඩසටහන් වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා රජය සහ ජර්මන් සාමූහආණ්ඩු රජය අතර 2001.02.22 දින ඇතිකර ගත් ද්වීපාර්ශවික ගිවිසුම මත නවීන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය ලං.ජ.කා.අ. ආයතන පරිශ්‍රයේදී 2004.10.20 දින ස්ථාපිත කරන ලදී.

කාර්යය

ඉහල ඵලදායිතාවත්, කාර්යක්‍ෂමතාවයත්, නිරවද්‍යතාවත් ලගාකර ගැනීමේ අරමුණ ඇතිව CNC යන්ත්‍ර ආශ්‍රිත යථාතථ්‍ය ඉංජිනේරු (precision engineering) ක්‍ෂේත්‍රයන් හි කාර්මිකයින් පුහුණු කිරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ කර්මාන්ත සමඟ සහයෝගීතාවය පවත්වාගෙන යාම.

අපේක්‍ෂාවන්

  • පවතින කර්මාන්තයන්හි වැඩිදියුණුව, ඵලදායීතාවය, කාර්යක්‍ෂමතාවය සහ නිරවද්‍යතාවය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම
  • ශ්‍රී ලංකාව තුල CNC පුහුනු කාර්මිකයින් සිටීම හේතුවෙන් තවතවත් ව්‍යවසායකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා පෙලඹීම.
  • ශ්‍රී ලංකාවේ ඉහල සුදුසුකම් සහිත CNC කාර්මිකයින් බිහිකිරීමෙන් වඩාත් ඉහල වැටුප් සහිත විදේශ රැකියා අවස්ථාවන් උදාකර ගැනීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අනුබල දීම.

නවීන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය පහත සඳහන් යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත වේ

  • CNC Milling machines
  • CNC Lathe machines
  • CNC Electrical Discharge Machines (EDM)
  • High Precession surface grinding machines
  • Computer Aided Designing & Computer Aided Manufacturing (CAD/CAM) center

නවීන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලා

Target group: Students and Instructors of Vocational Training Institutes, CNC operators, supervisors in Tool machinery trade and university students.

පාඨමාලාව කාල සීමාව පාඨමාලා ගාස්තු
CNC Milling Introduction 25 hours (3 weekdays) or
(3 Saturdays)
Rs. 5000/=
CNC Milling (Part 1) 50 hours (7 weekdays) or
(7 Saturdays)
Rs. 10500/=
CNC Milling (Part 2) 50 hours (7 weekdays) or
(7 Saturdays)
Rs. 10500/=
CNC Turning Introduction 25 hours (3 weekdays) or
(3 Saturdays)
Rs. 5000/=
CNC Turning 50 hours (7 weekdays) or
(7 Saturdays)
Rs. 10500/=
CNC EDM 50 hours (7 weekdays) or
(7 Saturdays)
Rs. 10500/=

Target group: Students and Instructors of Vocational Training Institutes, mechanical & civil Draughtsman and university students.

පාඨමාලාව කාල සීමාව පාඨමාලා ගාස්තු
Auto CAD 2D & 3D Modeling
(Auto CAD R 2010) for
Mechanical, Civil,
Electrical & Electronic
150 hours (19 Saturdays or
21 Wednesdays)
Rs. 22,000/=
නවීන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය
ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය
582, ගාලුපාර, ගල්කිස්ස.
ශ්‍රී ලංකාව.
දුරකථන : +94-11-2638686
ෆැක්ස් : +94-11-2638686
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.