පූර්ණකාලීන පුහුණු පාඨමාලා සඳහා

ශිෂ්‍යයන් බඳවාගැනීමේ ක්‍රියාපටිපාටිය
  • පූර්ණකාලීන පුහුණු පාඨමාලා සඳහා වාර්ෂික බඳවාගැනීම සම්බන්ධයෙන් වන නිවේදන බොහෝ විට අ.පො.ස. (සා/පෙ) ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමෙන් අනතුරුව අප්‍රේල්/මැයි මාසවල දී රජයේ ගැසට් පත්‍රයේ සහ පුවත්පත්වල පලකරනු ලැබේ.
  • නිවේදනයේ දැක්වෙන ආදර්ශ අයදුම්පත අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පත් එහි සඳහන් අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනට ප්‍රථම පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
    කළමනාකරු - මානව සම්පත් සහ පරිපාලන,
    ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය,
    අංක. 582, ගාලු පාර,
    ගල්කිස්ස
  • ලිඛිත පරීක්ෂණයේ, අභියෝගතා පරීක්ෂණයේ සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත අයදුම්කරුවන් තෝරාගනු ලැබේ.

ශිෂ්‍යයින් බඳවාගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු කළමනාකරු මානව සම්පත් සහ පරිපාලන ගෙන් ලබා ගත හැකිය.

පාඨමාලා ගාස්තු:

පූර්ණකාලීන පාඨමාලා සඳහා ගාස්තු අයකරනු නොලැබේ.

අර්ධකාලීන පාඨමාලා

අර්ධකාලීන පුහුණු වැඩසටහන් ආයතනයේ අමතර පුහුණු ක්‍රියාකාරකමක් වශයෙන් සාමාන්‍ය ‍රාජකාරී කාලයෙන් අනතුරුව පවත්වාගෙන යනු ලැබේ. මේ යටතේ මාස 1 සිට මාස 6 දක්වා සවස් කාලයේ දී සහ සති අන්තයේ කෙටිකාලීන පාඨමාලා 37 ක් පවත්වනු ලැබේ.

ශිෂ්‍යයන් බඳවාගැනීමේ ක්‍රියාපටිපාටිය
  • පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම වර්ෂයකට තුන් වතාවක් සිදුකරනු ලැබේ. (පෙබරවාරි, ජුනි සහ ඔක්තෝබර්)
  • පාඨමාලා ආරම්භ කිරීමට මාස තුනකට පෙර ඒ පිළිබඳ දේශීය පුවත්පත්වල දැන්වීමක් පලකරනු ලැබේ. පාඨමාලා සඳහා සහභාගීවීමට කැමැත්ත දක්වන අය සපයා ඇති ආදර්ශ අයදුම්පත අනුව අයදුම්පත් යොමු කළ හැකිය.
  • අයදුම්පත් ලං.ජ.කා.අ. ආයතනයේ ලේඛකාධිකාරී කාර්යාලයෙන් හෝ ආයතනයේ වෙබ්අඩවිය මගින් බාගත කිරීමෙන් හෝ ලබාගත හැකිය.
  • පාඨමාලා සඳහා තෝරාගැනීම සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදුකරනු ලැබේ.
පාඨමාලා ගාස්තු:

පාඨමාලා ගාස්තු ඒ ඒ පාඨමාලා යටතේ සඳහන් කර ඇති පරිදි ඒ සඳහා සහභාගී වන්නන්ගෙන් අයකරනු ලැබේ. (පාඨමාලා ගාස්තු වරින් වර වෙනස් වේ. අදාළ පාඨමාලා ගාස්තු පිළිබඳව ලේඛකාධිකාරී කාර්යාලයෙන් නිවැරදිව දැනගන්න)