පාඨමාලා තොරතුරු

මෝටර් කාර්මික ශිල්පය
වර්ගය පූර්ණකාලීන
කාලය වසර 4
අවශ්‍යතාව
  • වයස: අවුරුදු 16-22 අතර
  • අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. (සා.පෙ.) විභාගයේදී (අධ්‍යයන මාධ්‍ය අනුව) සිංහල/දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 06 ක් එකවර සමත් වීම.
සමාලෝචනය

නවීන තාක්‍ෂණික මෝටර් රථ සඳහා යෝග්‍ය සෛධාන්තික සහ ප්‍රායෝගික පුහුණු සිදුකිරීමට වාතාවරණයක් සැලසීම.

අභිප්‍රාය

දේශිය හා ‍ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට ගැලපෙන, ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත්, ‍ක්‍ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති නිපුන ශිල්පියෙකු බිහිකිරීම.

අන්තර්ගතය

මෝටර් කාර්මික අංශය තුල ආකෘතීන්ගෙන් හා පරිගණක මූලික ක්‍රියාකාරකම් මගින් පුහුණු කිරීම හා මෝටර් රථවල කොටස් හා අනු කොටස් ගලවා නැවත සවිකිරීමට පුහුණු කිරීම.

  • එන්ජිම: මෝටර් රථ ඉතිහාසය, ආවුද සහ උපකරණ, කර්මාන්තශාලා ආරක්‍ෂාව, එන්ජින් වර්ග, ඊට අදාල කොටස්, ඉන්ධන විදුම් (පෙට්ට්‍රල්, ඩීසල්, ගෑස්) පද්ධති, පණගැන්වුම් පද්ධති.
  • චැසියක: ක්ලචය, මැනුවල් ගියර පෙට්ටි, ඉදිරි සහ පසුපස අක්‍ෂීන්, හබ්, එකලස් ක්‍රම තිරිංග පද්ධති (වායු සහ ද්‍රාව), සුක්කානම් පද්ධති, අවලම්භන පද්ධති.
  • වාහන විදුලි: පනගැන්වුම් පද්ධතිය, විදුලි පද්ධතිය, ආරෝපන පද්ධතිය, බැටරි නඩත්තුව.
  පුහුණු ක්ෂේත්‍ර කාල සීමාව
නිෂ්පාදන පුහුණුවක් ලෙස චෙසි අංශය තුලදී බර වාහන වල ක්ලච්, ගියර් පෙට්ටි, ඉදිරි හා පසුපස ඇක්සල, බලසහයක සුක්කානම්, ස්වයංක්‍රීය ගියර ක්‍රමය, තිරිංග පද්ධතිය (වායු සහ ද්‍රාව), අවලම්භන, චෙසි රාමු එකෙල්ල, රිම් සහ ටයර යන කොටස් වල පිරිවැඩියාව හා එකලස් කිරීම පිළිබඳව දැනුම ලබාදීම. චෙසිය සහ සම්ප්‍රේෂන පද්ධතියේ සියලුම කොටස්වල දෝෂ පරික්‍ෂාවන්, ගැලවීම සහ එකලස් කිරීම. මාස 04
නිෂ්පාදන පුහුණුවක් හැටියට එන්ජින් අංශයේ ඩීසල් එන්ජින් සහ ඉන්දන විදුම් පොම්ප නිසි ලෙස සවි කිරීම හා  පරීක්‍ෂාකිරීම, පිරිවැඩියා කිරීම හා එන්ජින් භාරය පරික්‍ෂාව. එන්ජිමක කොටස් පරික්‍ෂාව, එකලස් කිරීම, සවිකිරීම හා එන්ජිම පරීක්‍ෂණ බංකුවේ පරීක්‍ෂා කිරීම. මාස 04
නිෂ්පාදන පුහුණුවක් හැටියට සැහැල්ලු වාහන අලුත්වැඩියා අංශය තුල මොටර් රථවල සේවා කටයුතු, එන්ජින් පිරිවැඩියාව, එන්ජින් සුසර කිරීම, වායු විමෝචන පරීක්‍ෂාව සහ නඩත්තුව, සම්ප්‍රේශන පද්ධතියේ අලුත්වැඩියාව, තිරිංග, සුක්කානම්, අවලම්භන පද්ධතියේ අලුත්වැඩියා කිරීම, රෝද එකෙල්ල සැකසීම, විදුලි පද්ධති අලුත්වැඩියාව සහ නඩත්තුව. වාතය ඇදගැනීමේ ක්‍රම, පිටාර ක්‍රම, කාබියුරේටර් හා ඉලෙක්ට්‍රෙනික් ඉන්දන විදුම් ක්‍රම සහ රෝද එකෙල්ල. මාස 02
මෝටර් රථ ඉලේක්ට්‍රොනික් පුහුණු අංශය මගින් පෙට්ට්‍රල් විදුම් ක්‍රම, ABS, SRS, ESP ක්‍රම වල නවීන මොටර් රථ පුහුණුවක් ලබාදීම සහ පරිගණක ආධාරයෙන් දෝෂ සෙවීම. ඉලේක්ට්‍රොනික් ඉග්නීෂියන් ක්‍රම, ඉන්දන විදුම් ක්‍රම, විෂ වායු පාලන ක්‍රම, CDI සහ ඩීසල් විදුම් ක්‍රම මාස 02

{අවසන් වසර}

බාහිර පුහුණුව සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවලට අනුයුක්ත කිරීම මාස 06
බාහිර පුහුණුව සඳහා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් සඳහා අනුයුක්ත කිරීම මාස 06

පුනරීක්‍ෂණ හා අවසාන වෘත්තීය පරීක්‍ෂණ

න්‍යායාත්මක පාඩම්: සතියකට එක් දිනක් කාර්මික විද්‍යාව, කාර්මික ගණිතය, සහ කාර්මික ඇඳීම විෂයයන්ට අදාලව සෛද්ධාන්තික දැනුම ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂා දැනුමද ලබාදීමට කටයුතු කෙරේ.

පාඨමාලා ගාස්තුව පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
පෙර පිටුවට