පාඨමාලා තොරතුරු

බල විදුලි ශිල්පය (නඩත්තු)
වර්ගය පූර්ණකාලීන
කාලය වසර 3 ½
අවශ්‍යතාව
  • වයස: අවුරුදු 16-22 අතර
  • අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. (සා.පෙ.) විභාගයේදී (අධ්‍යයන මාධ්‍ය අනුව) සිංහල/දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 06 ක් එකවර සමත් වීම.
සමාලෝචනය

ශක්තිමත් අඩිතාලමක් යටතේ නවීන කර්මාන්ත කරුවන්ට අවශ්‍ය විදුලි සහ විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ගෘහස්ථ සහ කර්මාන්තශාලා විදුලි කම්බි කරුවන්, නඩත්තු කාර්මිකයින් බිහි කිරීම.

අභිප්‍රාය

දේශිය හා ‍ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට ගැලපෙන, ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත්, ‍ක්‍ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති නිපුන ශිල්පියෙකු බිහිකිරීම.

අන්තර්ගතය
  • විදුලිය පිළිබඳ මූලික දැනුම
  • විදුලි ආරක්‍ෂණය
  • වහරු, ස්පර්ශත්‍රීය, තත් ආදිය උපකරණ භාවිතා කර ගෘහස්ථ/කර්මාන්තශාලා තත් ඇදීම
  • විදුලි යන්ත්‍ර ස්ථාපනය
  • විදුලි මිණුම් උපකරණ භාවිතය
  • විදුලි මෝටර, විදුලි ජනක පරිණාමක ස්ථාපනය සහ නඩත්තුව
  • විදුලි මෝටර සහ පරිණාමක නැවත එතීම
  • විදුලි පාලන පරිපථ
  • විද්‍යුතය සහ ස්වයංක්‍රීයකරණය
  • ගෘහස්ථ විදුලි උපකරණ
මාස 05

බාහිර පුහුණුව

  • විදුලි උපකරණ ස්ථාපනය සහ නඩත්තුව
  • විදුලි මෝටර, විදුලි ජනක නඩත්තුව
  • විදුලි මෝටර සහ පරිණාමක නැවත එතීම
  • ස්වයංක්‍රීය කරණයට අදාල කොටස් ස්ථාපනය, අලුත්වැඩියාව සහ නඩත්තුව
මාස 07
බාහිර පුහුණුව තවදුරටත් මාස පහක කාලයක් සඳහා ලබා දෙයි. මාස 05

පුනරීක්‍ෂණ හා අවසාන වෘත්තීය පරීක්‍ෂණ

(මාස 01)

න්‍යායාත්මක පාඩම්: සතියකට එක් දිනක් කාර්මික විද්‍යාව, කාර්මික ගණිතය, සහ කාර්මික ඇඳීම විෂයයන් ට අදාලව න්‍යායාත්මක දැනුම ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂා දැනුම ද ලබා දීමට කටයුතු කෙරේ.

පාඨමාලා ගාස්තුව පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
පෙර පිටුවට