පාඨමාලා තොරතුරු

වාහන විදුලි ශිල්පය
වර්ගය පූර්ණකාලීන
කාලය වසර 3
අවශ්‍යතාව
  • වයස: අවුරුදු 16-22 අතර
  • අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. (සා.පෙ.) විභාගයේදී (අධ්‍යයන මාධ්‍ය අනුව) සිංහල/දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 06 ක් එකවර සමත් වීම.
සමාලෝචනය

වාහන විදුලි ක්ෂේත්‍රයේ ඒකක හා උප ඒකක පිළිබඳ මනා අවබෝධයක් හා නවීන තාක්ෂණික උපකරණ භවිතා කරමින් දෝෂ නිරාකරණය මෙන්ම අලුත්වැඩියාව සහ පරිගණක පාලන ඒකක සහිත පද්ධතිවල ක්‍රියාකාරී මූලධර්මයන් හා අලුත්වැඩියාවන් ගැන දැණුවත් වීම.

අභිප්‍රාය

දේශිය හා ‍ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට ගැලපෙන, ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත්, ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති නිපුන ශිල්පියෙකු බිහිකිරීම.

අන්තර්ගතය
  • ඉන්ධන පද්ධති
  • ජ්වලන පද්ධති
  • සිසලන පද්ධති සහ ඊට අදාල පාලන පරිපථ
  • එන්ජිමක ක්‍රියාකාරීත්වය සහ සැකිල්ල
  • එන්ජිම සහ සැකිල්ල හා සම්බන්ධ විදුලි උපාංගවල දෝෂ පරික්‍ෂාව, නැවත එකලස් කිරීම
  • නඩත්තු හා සේවා පිළිවෙත්
  • නවීන පරීක්‍ෂා කිරීමේ උපකරණ භාවිතය මගින් දෝෂ පරික්‍ෂාව
  • පිටස්තර ආයතනයන්හි බාහිර පුහුණුව
පළමු මාස 06
  • සියළු ජ්වලන පද්ධති වල දෝෂ පරික්ෂාව
  • නවීන පරිලෝකන යන්ත්‍ර භාවිතය මගින් දෝෂ පරික්ෂා කිරීම සහ ක්‍රමංකණය
  • බැටරි නඩත්තුව
  • පිරික්සුම් ඒකක මගින් වාහන විදුලි පද්ධතියේ දෝෂ පරික්ෂාව
  • නවීන මෝටර් රථ ඉලෙක්ට්‍රොනික පද්ධති
දෙවන මාස 06

පුනරීක්‍ෂණ හා අවසාන වෘත්තීය පරික්ෂණ

න්‍යායාත්මක පාඩම්: සතියකට එක් දිනක් කාර්මික විද්‍යාව, කාර්මික ගණිතය, සහ කාර්මික ඇඳීම විෂයයන්ට අදාලව න්‍යායාත්මක දැනුම ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂා දැනුමද ලබාදීමට කටයුතු කෙරේ

පාඨමාලා ගාස්තුව පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
පෙර පිටුවට