පාඨමාලා තොරතුරු

මිල්රයිට් වැද්දුම් ශිල්පය
වර්ගය පූර්ණකාලීන
කාලය වසර 4 යි
අවශ්‍යතාව
  • වයස: අවුරුදු 16-22 අතර
  • අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. (සා.පෙ.) විභාගයේදී (අධ්‍යයන මාධ්‍ය අනුව) සිංහල/දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 06 ක් එකවර සමත් වීම.
සමාලෝචනය

කර්මාන්තශාලීය යන්ත්‍ර ස්ථාන ගත කිරීම සහ උපකරණ අලුත්වැඩියාව, නඩත්තුව පිළිබඳව දැනුමක් ලබාගැනීම.

අභිප්‍රාය

දේශිය හා ‍ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට ගැලපෙන, ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත්, ‍ක්‍ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති නිපුන ශිල්පියෙකු බිහිකිරීම.

අන්තර්ගතය
  • ආරක්‍ෂාව සහ අනතුරුවලින් වැළකීම
  • ආවුධ පරිහරණය
  • මිනුම්
  • හිර අගුළු ක්‍රම
  • යන්ත්‍ර ස්ථානගත කිරීම
  • එන්ජින්
  • වාහන කට්ටුව (චෙසි)
  • ලියවුම් යන්ත්‍ර
  • ද්‍රාව ක්‍රියාවලිය
  • වායු ක්‍රියාවලිය
  • ජලනල එලීම සහ ජල පොම්ප
  • සම්පීඩන වායු නිෂ්පාදනය
  • විද්‍යුත් ද්‍රාව ක්‍රියාවලිය
  • විද්‍යුත් වායු ක්‍රියාවලිය
  • පරිගණක ආධාරයෙන් පරිපථ සැලසුම් කිරීම සහ හැසිරවීම (P.L.C.)
  • අලුක්වැඩියා සහ නඩත්තුව

බාහිර පුහුණුව සඳහා අදාල ක්ෂේත්‍රයේ කර්මාන්ත ශාලා වලට අනුයුක්ත කිරීම

පුනරීක්‍ෂණ හා අවසාන වෘත්තීය පරීක්‍ෂණ

න්‍යායාත්මක පාඩම්: සතියකට එක් දිනක් කාර්මික විද්‍යාව, කාර්මික ගණිතය, සහ කාර්මික ඇඳීම විෂයයන්ට අදාලව න්‍යායාත්මක දැනුම ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂා දැනුමද ලබාදීමට කටයුතු කෙරේ.

පාඨමාලා ගාස්තුව පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ.
පෙර පිටුවට