පාඨමාලා තොරතුරු

ශීතකරණ හා වායු සමීකරණ ශිල්පය
වර්ගය පූර්ණකාලීන
කාලය වසර 3 ½
අවශ්‍යතාව
  • වයස: Between 16 & 22 years
  • අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. (සා.පෙ.) විභාගයේදී (අධ්‍යයන මාධ්‍ය අනුව) සිංහල/දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 06 ක් එකවර සමත් වීම.
සමාලෝචනය

මෙම පාඨමාලාව හැදෑරීමෙන් ගෘහස්ථ, වාණිජමය හා කර්මාන්තමය ශීතකරණ හා වායුසමීකරණ යන්ත්‍රයන්හි ක්‍රියාකාරීත්වයත්, නඩත්තු, අලුත්වැඩියා හා සේවා කිරීම් පිළිබඳ මනා දැනුමක් ලබාගත හැකි වීම.

අභිප්‍රාය

දේශිය හා ‍ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට ගැලපෙන, ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත්, ‍ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති නිපුන ශිල්පියෙකු බිහිකිරීම.

අන්තර්ගතය
  • තාපගති විද්‍යාවේ මූලධර්ම
  • ශීතකරණ හා වායුසමීකරණ මූලධර්ම
  • වායු සම්පීඩක ක්‍රමයේ ශීතකරණ චක්‍රය හා එන්තැල්පි ප්‍රස්ථාර
  • ආරක්‍ෂාව හා ආරක්‍ෂක උපක්‍රම
  • මෙම ක්ෂේත්‍රයට අදාල බට ගැන අධ්‍යයනය හා පෑස්සීම් කටයුතු
  • මිනුම් ලබා ගැනීම (පීඩනය, උෂ්ණත්වය, ආර්ද්‍රථාවය)
  • ශීතකරණ චක්‍රයේ ප්‍රධාන උපාංග හා අමතර උපකරණ
  • මූලික ශීතකරණ චක්‍රවල පාලක උපාංග හා මැනීම් (ධාරාව, වෝල්ටීයතාවය, ප්‍රතිරෝධය)
  • ශීතකරණ නැවත එකතු කිරීම, ප්‍රතිචක්‍රීයකරණය හා පාරිසරමය ගැටළු
  • සියළුම ව‍ර්ගයේ ගෘහස්ථමය, වාණිජමය හා කර්මාන්තමය ශීතකරණ හා වායුසමීකරණ ස්ථාපනය කිරීම, දෝෂ පරීක්‍ෂාව, නඩත්තු, සේවා හා අලුත්වැඩියා කටයුතු
  • අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සඳහා ඇස්තමේන්තු සකස් කිරීම

(බාහිර පුහුණුව)

  • වාතයේ ගුණාංග හා ආර්දතාමිතික ප්‍රස්ථාර
  • ශීතකාරක හා ශීතකාරණ තෙල්
  • අනෙකුත් ශීතකරණ ක්‍රම
  • නව තාක්ෂණයේ යොදාගැනීම් (ඉන්වර්ටර්, VRV, VRF)
  • වායුසමීකරණ යන්ත්‍ර සඳහා තාපබැර ගණනය කිරීම
  • ශීතාගාර සඳහා සිසිලන බැර ගණනය කිරීම

පුනරීක්‍ෂණ හා අවසාන වෘත්තීය පරීක්‍ෂණ

න්‍යායාත්මක පාඩම්: සතියකට එක් දිනක් කාර්මික විද්‍යාව, කාර්මික ගණිතය, සහ කාර්මික ඇඳීම විෂයයන්ට අදාලව න්‍යායාත්මක දැනුම ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂා දැනුමද ලබාදීමට කටයුතු කෙරේ.

පාඨමාලා ගාස්තුව පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
පෙර පිටුවට