පාඨමාලා තොරතුරු

යන්ත්‍රණ ශිල්පය (සාමාන්‍ය)
වර්ගය පූර්ණකාලීන
කාලය වසර 3 ½
අවශ්‍යතාව
  • වයස: අවුරුදු 16-22 අතර
  • අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. (සා.පෙ.) විභාගයේදී (අධ්‍යයන මාධ්‍ය අනුව) සිංහල/දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 06 ක් එකවර සමත් වීම.
සමාලෝචනය

ඉංජිනේරු ‍ක්‍ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍ර සූත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාදී ආරක්‍ෂාකාරීව නිෂ්පාදන කටයුතු කිරීමට මනා නිපුනතාවයක් ලබාදීමත් ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ භාවිතාවන ලෝහ වර්ග සහ ඒවායේ භාවිතයන් පිළිබඳ අවබෝධයක් ලබාදීම.

අභිප්‍රාය

දේශිය හා ‍ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට ගැලපෙන, ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත්, ‍ක්‍ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති නිපුන ශිල්පියෙකු බිහිකිරීම.

අන්තර්ගතය

පහත සදහන් යන්ත්‍රවල පුහුණුව ආයතනය තුලදී ලබාදේ.

  • ලියවන යන්ත්‍ර
  • විදුම් යන්ත්‍ර
  • ගාන යන්ත්‍ර
  • නිමදුම් යන්ත්‍ර සහ මෙහෙලුම් යන්ත්‍ර

ඳඟර කඳන් නිමදීම, සිලින්ඩර බෝර් කිරීම, ලයින් බෝර් කිරීම

  • C.N.C. ලියවුම් යන්ත්‍ර
  • C.N.C. මෙහෙලුම් යන්ත්‍ර
  • E.D.M. යන්ත්‍ර
  • Auto CAD
  • Wire Cut machine
  • Injection moulding

ආයතනය තුලදී පුහුණුව ලබාදීම සහ අදාල ‍ක්‍ෂේත්‍රයේ බාහිර ආයතන තුල පුහුණුව ලබාදීම (මාස 07 යි)

(මාස 06 යි)

අදාල ‍ක්ෂේත්‍රයේ බාහිර ආයතන තුල පුහුණුව ලබාදීම මාස 05
ව්‍යාපෘති වැඩ මාස 01

පුනරීක්‍ෂණ හා අවසාන වෘත්තීය පරීක්‍ෂණ

න්‍යායාත්මක පාඩම්: සතියකට එක් දිනක් කාර්මික විද්‍යාව, කාර්මික ගණිතය, සහ කාර්මික ඇඳීම විෂයයන්ට අදාලව න්‍යායාත්මක දැනුම ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂා දැනුමද ලබාදීමට කටයුතු කෙරේ.

පාඨමාලා ගාස්තුව පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
පෙර පිටුවට