පාඨමාලා තොරතුරු

පෑස්සුම් ශිල්පය
වර්ගය පූර්ණකාලීන
කාලය වසර 3
අවශ්‍යතාව
  • වයස: අවුරුදු 16-22 අතර
  • අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. (සා.පෙ.) විභාගයේදී (අධ්‍යයන මාධ්‍ය අනුව) සිංහල/දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 06 ක් එකවර සමත් වීම.
සමාලෝචනය

ලෝහ හඳුනා ගැනීම, ලෝහ සම්බන්ද කිරීම, ලෝහ කැපීමේ ක්‍රමවේදයන් සහ විවිධ වර්ගයේ පෑස්සුම් ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා දීම.

අභිප්‍රාය

දේශිය හා ‍ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට ගැලපෙන, ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත්, ‍ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති නිපුන ශිල්පියෙකු බිහිකිරීම.

අන්තර්ගතය
  • ආරක්ෂිත උපාංග හැඳින්වීම
  • ඔක්සි ඇසිටිලින් ගිනි දැල්ල මගින් ලෝහ කැපීම
  • චාප දුර හැසිරවීම
  • විද්‍යුත් චාප පෑස්සුම් මගින් ලෝහ ‍පෑස්සීම 1F, 2F, 3F, 4F, විවෘත කෝණ මූට්ටුව (පොළවට සමාන්තරව සහ තිරස් දිශාවට)
  • වායු ගිනි දැලි හැඳින්වීම
  • ද්‍රව බිංදුව ඇති කිරීම සහ පිරවුම් කූර තැන්පත් කිරීම
  • වායු ගිනි දැල්ල මගින් පෑස්සීම (‍ෆ්ලාන්ජ් මූට්ටුව, කෝණ මූට්ටුව, හේත්තු මූට්ටුව)
  • මෘදු පෑස්සීම සහ දැඩි පෑස්සීම
  • නවීන තාක්ෂණික වෙල්ඩින් ක්‍රම කර්මාණ්තයට උපයෝගී කරගැනීම
  • දෙනලද සැලැස්මට අනුව වැඩකොටස් සාදා නිමකිරීම
පළමු මාස 06
කර්මාන්ත ක්ෂේත්‍රයේ බාහිර පුහුණුව
  • ප්ලස්මා කැපුම් යන්ත්‍රය මගින් ලෝහ කැපීම
  • විද්‍යුත් චාප වෙල්ඩින් මගින් ලෝහ පෑස්සීම 1G, 2G, 3G, 4G
  • වායු ගිනිදැල්ල මගින් තිරස් සහ සිරස් දිශා ඔස්සේ පෑස්සීම.
  • වායු ගිනිදැල්ල මගින් අලුමීනියම් ලෝහ පෑස්සීම.
  • TIG වෙල්ඩින් මගින් සියලුම දිශා ඔස්සේ මළ නොබැදෙන වානේ තහඩු වෙල්ඩින් කිරීම
  • TIG වෙල්ඩින් මගින් සියලුම දිශා ඔස්සේ නිපෙරස් ලෝහ තහඩු වෙල්ඩින් කිරීම
  • MAG වෙල්ඩින් මගින් සියලුම දිශා ඔස්සේ වානේ තහඩු වෙල්ඩින් කිරීම
  • MIG වෙල්ඩින් මගින් සියලුම දිශා ඔස්සේ නිපෙරස් ලෝහ තහඩු වෙල්ඩින් කිරීම
  • චීනච්චට්ටි වෙල්ඩින් කිරීම
දෙවන මාස 06
ආයතනික පුහුණුව

පුනරීක්ෂණ හා අවසාන වෘත්තීය පරීක්ෂණ

න්‍යායාත්මක පාඩම්: සතියකට එක් දිනක් කාර්මික විද්‍යාව, කාර්මික ගණිතය, සහ කාර්මික ඇඳීම විෂයයන්ට අදාලව සෛද්ධාන්තික දැනුම ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂා දැනුමද ලබාදීමට කටයුතු කෙරේ.

පාඨමාලා ගාස්තුව පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
පෙර පිටුවට