පාඨමාලා තොරතුරු

මෝටර් වාහන බොඩි අළුත් වැඩියාකරු හා පින්තාරුකරු
වර්ගය පූර්ණකාලීන
කාලය වසර 3
අවශ්‍යතාව
  • වයස: අවුරුදු 16-22 අතර
  • අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. (සා.පෙ.) විභාගයේදී (අධ්‍යයන මාධ්‍ය අනුව) සිංහල/දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 06 ක් එකවර සමත් වීම.
සමාලෝචනය

නවීන තාක්‍ෂණික උපකරණ ආධාර කරගනිමින් අදාල ක්‍ෂේත්‍රයේ පුහුණුව ලබාදෙන අතර කාර්යය ආශ්‍රිත පුහුණුවේදී වැඩ ඇනවුම් ඉටු කිරීම සඳහා පුහුණුකරවනු ලැබේ.

අභිප්‍රාය

දේශිය හා ‍ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට ගැලපෙන, ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත්, ‍ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති නිපුන ශිල්පියෙකු බිහිකිරීම.

අන්තර්ගතය
  • වෙල්ඩින් කිරීම හා කැපීමේ ක්‍රම:- වායු වෙල්ඩින්, චාප වෙල්ඩින්, MAG වෙල්ඩින්, TIG වෙල්ඩින්, ස්පොට් වෙල්ඩින්, ගෑස් වෙල්ඩින්, ප්ලස්මා කටින්
  • බොඩ් අලුත්වැඩියාව හා පින්තාරුව:- උපකරණ හා බොඩි පැනල ගැලවීම හා නැවත සවිකිරීම
  • ආපදාවූ වාහන බොඩි හා චෙසි නැවත එකේලි කිරීම
  • පැනල අලුත්වැඩියාව හා ස්ථානික අලුත්වැඩියාව
  • විබාදන ආරක්‍ෂාව ප්‍රතිෂ්ඨාපනය කිරීම
  • N.C. හා 2K තීන්ත මගින් සම්පූර්ණ පින්තාරුව, පැනල පින්තාරුව, ස්ථානික පින්තාරුව
  • ඔපදැමීම
මාස ‍12 යි කර්මාන්ත පුහුණුව
  • කාර්යය ආශ්‍රිත පුහුණුව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වාහන බොඩි අලුත්වැඩියා හා පින්තාරු කර්මාන්තශාලා වලදී සිදුකරයි.
මාස 12

පුනරීක්ෂණ හා අවසාන වෘත්තීය පරීක්ෂණ

න්‍යායාත්මක පාඩම්: සතියකට එක් දිනක් කාර්මික විද්‍යාව, කාර්මික ගණිතය, සහ කාර්මික ඇඳීම විෂයයන්ට අදාලව න්‍යායාත්මක දැනුම ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂා දැනුමද ලබාදීමට කටයුතු කෙරේ.

පාඨමාලා ගාස්තුව පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
පෙර පිටුවට